ඉතාලියේ ධනවත් ප්‍රාන්ත දෙකක් වන ලොම්බාඩි සහ වෙනිටෝ හි ජනතාව තම ප්‍රාන්ත ඉතාලියෙන් වෙන් විය යුතු බව පැවැත්වූ ජනමත විචාරණයට පක්ෂපාතී වෙමින් එය අනුමත කර ඇති බව වාර්තා වේ.
ඉතාලි ජනගහණයෙන් 25%ක් වාසය කරන ඉතාලියේ ධනවත්ම ප්‍රාන්ත දෙක මෙලෙස ඉතාලියෙන් වෙන්ව යෑමට තීරණය කිරීම ඉතාලියේ පැවැත්මට තීරණාත්මක වනු ඇති බව පැවසේ. මෙම ප්‍රාන්ත දෙකෙන් ඉතාලි මධ්‍යම රජයට වසරකට බදු ලෙස යුරෝ බිලියන 54ක් සහ 15 බැගින් ලබා දෙන අතර ජනතාව චෝදනා කරන්නේ ඔවුන් ලබා දෙන බදු මුදල් නිෂ්ඵල ලෙස වැය කරන බවයි.
මෙම ජනමත විචාරණය පවත්වා ඇත්තේ 1990 වසරේදී ආරම්භ කළ ලේගා නෝර්ඩ් නම් බෙදුම්වාදී ප්‍රවණතාවයක් නියෝජනය කරන දේශපාලන පක්ෂය විසිනි. එම ජනමත විචාරණයේදී වෙන්ව යෑම අනුමත කරමින් ප්‍රාන්ත ජනතාවගෙන් 90%ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඉතාලි මධ්‍යම ආණ්ඩුව මේ වන තෙක් එම ජනමත විචාරණය පිළිබඳ කිසිවක් ප්‍රකාශ කර නැතැයි වාර්තා වේ.
යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති අන්ටෝනියෝ ටජානි අදහස් දක්වමින් පවසා ඇත්තේ ප්‍රාන්ත දෙක පැවැත්වූ ජනමත විචාරණය නීත්‍යානුකූල එකක් බවට පිළිගන්නා බවයි. මීට දින කිහිපයට පෙර කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන්ව යාම සඳහා ජනමත විචාරණයක් පැවැත්වූ අතර එය මැඩ පැවැත්වීම සඳහා ස්පාඤ්ඤ ආණ්ඩුව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළත් එහි ජනතාවගෙන් බහුතරය ජනමත විචාරණයට පක්ෂපාතීව ඡන්දය ප්‍රකාශ කර ඇත.










