වීරවංසගේ නඩුව ජනවාරියතෙක් කල් තබයි

වීරවංසගේ නඩුව ජනවාරියතෙක් කල් තබයි

නිතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කිරීම සදහා, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිත කරමින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංස මහතා රජයට රුපියල් කෝටි 09කට වැඩි පාඩුවක් සිදු ක්රීම සම්බන්ධ නඩු ලබන වසරේ (2017) ජනවාරි 09වනදා තෙක් කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (23) නියෝග කර තිබේ.

එම නඩු ගොනුව ඉදිරි පියවර සඳහා නිතිපතිවරයාට යොමු කර නිතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කිරීම සදහා නඩුව මෙසේ ලබන ජනවාරි මස 09 වනදා තෙක් කල් දමා ඇත.

මෙම සිද්ධියේ ඇප මත සිටින මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංස මහතා ජාතික ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන්ත ලොකුහැන්නදිගේ මහතා ඊයේ අධිකරණයේ පෙනි සිටි තිබේ.

පළමු සැකකරු වන විමල් විරංවස මහතාගේ සමීපතම ඥාතීන්ට වාහන ලබා දී වැඩබිම් වෙත වාහන ලබා දිමෙන් සහ තම දේශපාලන පක්ෂ සමාජිකයින්ට වාහන ලබා දීමෙන් මෙන්ම ඉන්ධන ලබා දීමෙන් සහ වාහන ලබා දිමට පහළ නිලධාරිනට වාචිකව හෝ නියෝග ලබා දීමෙන් වරදක් සිදුව ඇති බවට මෙම සිද්ධියේ විමර්ශන අනාවරණය කර ඇති අතර ලබා ගත් වාහන ඉංජිනේරු සංස්ථාවේ සේවය කරන කොන්ත්‍රාත් පදනමේ ගබඩා පාලකවරයකු වන තම සොහොයුරියගේ සැමියාට ලබා දී ඇතත් ඔහුට වාහනයක් ලබා දීමට නිලයක් නැති බවත් ඥාතීන්ට ලබා දී ඇති අනෙක් වාහන සියල්ල ලබා දී ඇත්තේ වෙනත් ස්ථානවල සේවය කරන ඥාතීන්ට බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කළ විමර්ශන අනාවරණය කර ඇත.

වීරවංශ මහතාගේ සමීපතම ඥාතීන් ලිපි මගින් ඉල්ලා ඇති අවස්ථාවේ එම ලිපි වාහන ලබා දීමට යොමු කර වාහන ලබා දී ඇති බවත් එම වාහන වැඩබිම් වෙත ලබා දෙන ලෙස පවසා ඇතත් එවා වැඩබිම් වෙත යොමු කර නැති බව ලබා ගත් සාක්ෂි මගින් අනාවරණය කර ඇති බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් අධීකරණයට දන්වා ඇත.

Facebook
Twitter
LinkedIn