ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස සෞඛ්‍ය ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත් කරන ලද මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයට හිතවාදියෙකු බවට වන සාක්ෂි මේ වනවිට මාධ්‍ය වෙත ලැබී තිබේ.
අද (03) පෙරවරුවේ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පුංචි බොරැල්ලේ පිහිටි එම සංගම් කාර්යාලයේදී පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී එම වෛද්‍යවරුන් විසින් උක්ත සාක්ෂි මාධ්‍ය වෙත ඉදිරිපත් කර සිටියේය.
නව සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා විසින් 2014 ඔක්තොමිබර් 13වනදා මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කරමින් නිකුත් කළ ලිපියක් මෙහිදී සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මාධ්‍ය වෙත හෙළිදරව් කර සිටි අතර එහි සඳහන් වන්නේ “I am of the view that the information provided in the SAITM application would place its medical faculty/school on par with most Sri Lankan state medical faculties and better than some of them.” යනුවෙනි.
එහි අදහස සරල ලෙස ගත් විට ඔහු මෙම ලිපිය මගින් වෛද්‍ය සභාවට කියනුය සයිටම් ආයතනය ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨවලට වඩා හොඳ යැයි තමන්ගේ අදහස බවය.











