ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීමේ පළමු මරණ පරීක්ෂණය සිදු කළ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව ඔක්තෝබර් 19 වැනි දාට ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (03) නියෝග කර තිබේ.
ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථාන ගතකර සාක්ෂි විනාශ කිරීම සහ වෙනස් කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටින අතර ඔහු විසින් සිදු කළ මරණ පරීක්ෂණ වාර්තාවද අසත්‍ය වාර්තාවක් බව මේ වනවිට අනාවරණය වී හමාරය.
හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා වසීම් තාජුඩීන් ඝාතනයේ තුන්වැනි සැකකරු ලෙසින් නම් කර අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (02) කොළඹ අතිරේක මහේස්ත්රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා හමුවේ ඉල්ලීමක් කර තිබිණි.
ආනන්ද සමරසේකර මහතා මේ වනවිට මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ඔහුගේ ලිපාදිංචියද අත්හිටවූ අතර ඔහුට වෛද්‍ය වෘත්තියේ නියැලීමද තහනම් කරන ලදී.










