නවගමුව ප්‍රදේශයේ ගල් කොරියක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරෙකු ලෙස කටයුතු කළ යුධ හමුදා කපිතාන් තිස්ස විමලසේන මහතා ඉදිරිපත් කළ ඇප අයදුම ප්‍රතික්ෂේප වී තිබේ.
මෙය පොදුදේපළ පනත යටතේ ගැණෙන වරදක් බැවින් ඊට ඇප ලබාදීමේදී විශේෂ හේතු ඉදිරිපත් කළ යුතු බවද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රානිමා විජය බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කර ඇත.
ඔහු සමග එම සිද්ධියටම අදාළව පුත්තලම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ලාල් ප්‍රියන්ත පිරිස් මහතාවද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ලබන 10 වෙනිදා නඩුව යළි කැඳවීමට නියමිත ය.
1










