ටී.බීගේ ඉඩම් මගඩියට එරෙහිව ජනතාව පාරට බසිති VIDEO

ටී.බීගේ ඉඩම් මගඩියට එරෙහිව ජනතාව පාරට බසිති VIDEO

ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා විසින් අත්තනෝමතික ලෙස සිය ගම්ප්‍රදේශයේ ඇති අක්කර 24ක රජයේ ඉඩමක් දේශපාලන හිතවතුන්ට සහ ව්‍යාපාරිකයන්ට මුදලට විකුණමින් තිබෙන බව පවසමින් රිඳීබැඳි ඇල්ල, ගජනැග්ගම, කුඩාගම ආදී ගම්මානවල ජනතාව අද (08) අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන පාරට පැමිණ විරෝධතාවයක නිරතව වූහ.

මෙම ඉඩම රටේ ආර්ථකයටත් ප්‍රදේශයේ අනාගත පරම්පරාවටත් ප්‍රයෝජනයක් වන කටයුත්තකට යොදවන ලෙස එම ප්‍රදේශයේ විවිධ බහුජන සංවිධානවල නියෝජිතයින්ගෙන් සැදුම්ලක් කමිටුවක් විසින් වයඹ සංවර්ධන අමාත්‍යවරයාගෙන් 2016 ජනවාරි 09 ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය කටයුතු සිදු කිරීමට කටයුතු කරන බවටත් අමාත්‍යවරයා විසින් දන්වා එවා ඇති පසුබිමක ටී.බී. ඒකනායක රාජ්‍ය අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත මෙම භූමි භාගයෙන් පර්චස් 15ක් රුපියල් ලක්ෂය බැගින් වූ මුදලකට අලෙවි කරමින් තිබේ. මේ වනවිටත් 100කට අධික පිරිසකගෙන් මෙසේ මුදල් ලබාගෙන ඇති බවද වාර්තා වේ.

පසුගියදා ටී.බී. ඒකනායක මහතාගේ ලේකම්වරයෙකු මෙම ඉඩම් කට්ටි කිරීම සඳහා 500ක පමණ පිරිසක් සමග පැමිණි අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් මෙම ඉඩම් ලබා දෙන ආකාරය ගැන විමසීමේදී එම ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ රුපියල් ලක්ෂයක් දෙන ඕනෑම අයෙකුට පර්චස් 15ක ඉඩමක් කට්ටියක් ලබා දෙන බවය.

මෙම විරෝධතාවය අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න සහ මහව ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂනායක ප්‍රේමදාස සිල්වා යන මහත්වරුන්ද සහභාගී වී තිබේ.

එම අවස්ථාව අතරතුර නාමල් කරුණාරත්න මහතා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයා අමතා මේ සම්බන්ධයෙන් විමසා ඇති අතර දිස්ත්‍රික් ලේකම්වරයා පවසා ඇත්තේ මෙම ඉඩම රජයට අයත් ඉඩමක් බවත් මෙහි නිවාස ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබාදී නැති බවත්ය. එබැවින් එය නීතිවිරෝධී කටයුත්තක් බවත් ඉඩම් කට්ටි කිරීම සඳහා යොදා ඇති කූඤ්ඤ ගැලවීම සඳහා තමන් නියෝගයක් නිකුත් කරන බවත් පවසා ඇත.

කෙසේ නමුත් ඒ වනවිටත් වයඹ පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා විරෝධතා කරුවන් සමග ගොස් එම භූමියේ සළකුණු කර තිබී කූඤ්ඤ ගැලවිමට කටයුතු කර තිබිණි.

ටී.බී. ඒකනාක මහතා මෙම ඉඩමේ සිදු කිරිමට සැලසුම්කරන නිවාස ව්‍යාපෘතියට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය හිමිවී නැති බවද මෙහිදී ප්‍රාදේශීය සභා හිටපු විපක්ෂනායක ප්‍රේමදාස සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.

දිස්ත්‍රික් ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරයා සහ ග්‍රාමනිලධාරීවරයාගේ අවසරයකින් තොරව මෙහි කිසිඳු ව්‍යාපෘතියක් සිදු කළ නොහැකි බවත් එය නීතිවිරෝධී බවත් එවැන්නක් සිදුවන්නේනම් එය තහනම් කිරීමට තමන් කටයුතු කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා නාමල් කරුණාරත්න මහතා සමග සෘජුවම ප්‍රකාශ කර ඇත.




Image may contain: one or more people, sky, tree, basketball court and outdoorImage may contain: tree, sky, plant, outdoor and natureImage may contain: one or more people, people standing, shoes, outdoor and natureImage may contain: 7 people, people standing, tree, child and outdoorImage may contain: 8 people, people standing, crowd and outdoorImage may contain: 1 person, tree, crowd, sky and outdoorImage may contain: 4 people, people smiling, crowd, tree and outdoorImage may contain: 2 people, people standing, crowd, tree and outdoor

Facebook
Twitter
LinkedIn