කබ්රාල් මහ බැංකුවේ අධිපති සමයේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් 400%ක ලාභයක් ලබලා

කබ්රාල් මහ බැංකුවේ අධිපති සමයේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් 400%ක ලාභයක් ලබලා

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේදීත් පර්පචුවල ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවි කරුවෙකු ලෙස කටයුතු කළ බවත් එකළ (2014) පර්පචුවල් සමාගම 400%ක ප්‍රාග්ධන ලාභයක් ලැබූ බවත් එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (08) ප්‍රකාශ කර තිබේ.

එකළ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නැගණිය වන ශිරෝමී වික‍්‍රමසිංහ මහත්මිය පර්පචුවල් ට්‍රෙෂරීස් හොල්ඩින්ස් සමාගමේ අධ්‍යක්‍ෂකවරියක ලෙස සේවය කළ බවත් ඔහු අනාවරණය කර ඇත.

2015 පෙබරවාරී 27 වැනිදා, 2016 මාර්තු 29 හා 2016 මාර්තු 31 වැනි දිනවල බැඳුම්කර වෙන්දේසි සම්බන්ධයෙන් මෙම කොමිසම හමුවේ කරුණු ගෙනහැ පෑමට තමන් උත්සහ කරන්නේ යැයිද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම බැඳුම්කර වෙන්දේසිවලින් ලාභ ලබාගත් ආකාරයත් ඒ අවස්ථාවලදී බැඳුම්කර වෙළෙඳපොලේ හැසිරීමත් පිළිබෙඳව කරුණු ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වන බවත් ශාක්ෂි මෙහෙයවූ ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn