මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (08) ආරම්භ වෙයි.
ඩෙල්ෆ්, කයිට්ස්, නයිනතිව් දූපත් ප්‍රදේශද ඇතුළුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2230කදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
විභාගය සඳහා මෙවර අයඳුම්කරුවන් තුන් ලක්ෂ 15,227ක් පෙනී සිටීමට නියමිත අතර ඉන් 260 දෙනෙකු විශේෂ අවශ්‍යතා සහිත අයඳුම්කරුවෝ වෙති.
පෙරවරු 08.30ට විභාගය ආරම්භ වන අතර විභාග ප්‍රවේශ පත්‍රය සමඟ ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන සියලු අයඳුම්කරුවන් උදෑසන 08.00ට පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමිණ සිටිය යුතු බව විභාග කොමසාරිස්වරයා පවසයි.
කල්වේලා ඇතිව විභාග කාලසටහන පරීක්ෂා කරන ලෙසද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා අපේක්ෂකයන්ට දැනුම් දෙයි.
විභාග වංචා සම්බන්ධයෙන් පැමිණිලි විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට හෝ පාසල් විභාග ශාඛාවේ 011 2 784 208 , 011 2 784 537 සහ පොලිස් මූලස්ථානයේ 011 2 42 11 11 යන අංක වෙත ඉදිරිපත් කළ හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.









