මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ලක්ෂමන් කිරිඇල්ල හා එම්.එච්. අබ්දුල් හලීම් යන එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු දෙදෙනා අතර මෙතක් කලක් හටගෙන තිබූ සීතල යුද්ධය මේ වනවිට ප්‍රසිද්ධියේ එකිනෙකාට චෝදනා කරගන්නා මට්ටමට පැමිණ තිබේ.
හලීම් ඇමතිවරයාගේ ආධාරකරුවන් දිනාගැනීමේ වැඩපිළිවෙලක කිරිඇල්ල ඇමතිවරයා යෙදී සිටීම මෙම මතභේදකාරී තත්වයට හේතුව වී තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ එජාප මැති ඇමතිවරු සහභාගීවන උත්සව සඳහා හලීම් ඇමතිවරයාව සම්බන්ධ කර නොගැනීමට උපදෙස් ලැබී තිබෙන බවත් මේ හේතුවෙන් හලීම් මහතා කළකිරීමට පත්ව ඇති බවත් වාර්තා වෙයි.
මේ පිළිබඳව කළ විමසීමකදි තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයත් පක්ෂ සාමාජිකයාත් අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කර දේශපාලනික වශයෙන් තමන්ව විනාශ කිරීමේ උත්සාහයක ඇමැත් පුද්ගලයන් යෙදී සිටින බවයි.
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයා විසින් තමන්ට හිතවත් පුද්ගලයන්ට මුදල් ලබාදී තමාගේ දේශපාලනයට බාධාකිරීම සඳහා ඔවුන් යොදාගනිමින් සිටින බවත් හලීම් අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.











