අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ සිදු කළ වංචාසහගත බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිසම හමුවට ඉදිරියේදී වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයින් ඇතුළු මැති ඇමතිවරු කිහිපදෙනෙකුම කැඳවීමට සිදුවනු ඇති බව වාර්තා වේ.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පාර්ශවය වෙනුවෙන් සාක්ෂි විමසීම අද (08) සිට ආරම්භ වන අතර එහිදී නම් හෙළිවන ඇමතිවරු සහ මන්ත්‍රීවරු ඉදිරියේදී කොමිසම හමුවට කැඳවීමට ඉඩ ඇති බව වැඩිදුරටත් අනාවරණය වේ.
එසේ චෝදනා එල්ලවී ඇති පාර්ශව අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන ගැණුම්කරු වන කසුන් පිළිසේන මහතා අද (08) බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට නියමිතය.
4










