දුන් පොරොන්දු ඉටු කරනු – ගම්මිරිස් ගොවියෝ ආණ්ඩුවට අනතුරු අඟවති

දුන් පොරොන්දු ඉටු කරනු – ගම්මිරිස් ගොවියෝ ආණ්ඩුවට අනතුරු අඟවති

ගම්මිරිස් ගොවීන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා විසින් ගම්මිරිස් ගොවීන් වෙත ලබාදුන් සාකච්ඡාවේදි ලබාදුන් පොරොන්දු කඩකර ඇති බව පසුගිය 04වනදා මොණරාගලදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ ගම්මිරිස් ගොවීන් සුරැකීමේ ජාතික එකමුතුව ඒකාබද්ධව පැවැත්වූ මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළේ ය.

පසුගිය ජූලි 17වන දින ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේදී විදේස් රටවලින් ගම්මිරිස් ගෙන්වීමත් සමග මෙරට ගම්මිරිස් සඳහා නිසි මිලක් නොලැබීම, මෙරට ගම්මිරිස් විදේශිය ගම්මිරිස් සමග මිශ්‍රකර නීතිවිරෝධීව අපනයනය කිරීම, ඒ තුළින් මෙරට ගම්මිරිස් සඳහා ඇති තත්වය පහත වැටීම, ඒ හේතුවෙන් මෙරට ගම්මිරිස් ගොවිතැන කඩා වැටීම ඇතුළු ගම්මිරිස් ගොවියා මුහුණදෙන ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවී ඇති අතර එහිදී විශේෂයෙන් ගම්මිරිස් කිලෝවක් සඳහා රුපියල් 900ක සහතික මිලක් නියම කිරීමට අමාත්‍යවරයා එකඟතාවය පල කර ඇත.

එමෙන්ම ගම්මිරිස් මිලදී ගැනීම සඳහා ගම්මිරිස් වගාකරන ප්‍රදේශවල රජයේ මධ්‍යස්තාන ඇති කිරීමටද එහිදී අමාත්‍යවරයා එකඟතාවය පල කර තිබේ.

එමෙන්ම වහාම ක‍්‍රියාත්මක වනපරිදි ගම්මිරිස් ආනයනය තහනම් කිරීම, සුළු පරිමාන / මධ්‍ය පරිමාන / මහා පරිමාන ගම්මිරිස් ගැනුම්කරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, ගම්මිරිස් ගොවීන් සඳහා ලබාදුන් පැළ / පොහොර සහනාධාරය ගම්මිරිස් ආශ‍්‍රිත යන්ත‍්‍ර පහසු මිලට ලබා ගැනීම, පැඟිරි තෙල් සඳහා බෝතලයකට රුපියල් 7000කට වැඩි සහතික මිලක් ලබාගැනීම, මින් ඉදිරියට අනෙකුත් කුළු බඩු ද්‍රව්‍ය ආනයනය කිරීම තහනම් කිරීම ඇතුළු ගොවි ඉල්ලීම් ගණනාවක් සහිත ලිපියක්ද නාමල් කරුණාරත්න මහතා විසින් අමාත්‍යවරයා වෙත ලබා දී තිබිණි.

එහෙත් මේ දක්වා උක්ත ප්‍රධාන පොරොන්දු දෙක වූ ගම්මිරිස් කිලෝවක් සඳහා රුපියල් 900ක සහතික මිලක් නියම කිරීමත් ගම්මිරිස් මිලදීගන්නා රජයේ මධ්‍යස්ථාන ඇති කිරීමටත් මේ දක්වා කටයුතු කර නැති බැවින් එයට අදාළ විසඳුම් ලබාදීමට තවදුරටත් ආණ්ඩුව ප්‍රමාදවන්නේනම් ගම්මිරිස් හා බුලත් ගොවීන් සමග ලබන 16වනදා නැවත අමාත්‍යවරයා හමුවීමට පැමිණෙන බවත් නාමල් කරුණාරත්න මහතා එහිදී අවධාරණය කර සිටියේය.

Image may contain: 8 people, people sittingImage may contain: 10 people

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්