කොකේන්, හසීස්, කුෂ්, පිල් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ඇතුළු තවත් මත්පැන් සහ නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයකුගේ පෞද්ගලික ලේකම්වරයකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකා මූලස්ථාන මෙහෙයුම් අංශය පවසයි.
මොවුන් වෙරළ සාද සඳහා සුඛෝපභෝගී මෝටර් රථයකින් මෙම මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
එම මත්ද්‍රව්‍ය තොගය අතර කොකේන් මිලි ග්‍රෑම් 3000ක්, පිල් නැමති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 4500ක්, හසීස් මිලි ග්‍රෑම් 9740ක් සහ කුෂ් නැමති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 9420ක් තිබී ඇත.
විදේශීය මත්පැන් බෝතල් 18ක් සහ නීති විරෝධී දුම්වැටි 400ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ පොලිස් නිල හැඳුනුම්පත සහ ඔහුගේ බැංකු කාඩ් පතක්ද සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇත.
කෙසේ නමුත් මෙසේ අත්අඩංගුවට ගත් ඇමති ලේකම්වරයා කවුරුන්ද යන්න වාර්තා නොවේ.
ලංකාදීප









