2020 මහ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වන්නේ රට හදන ශක්තිමත්ම බලවේගය සමග යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා එම පක්ෂය විසින් දිවයින පුරා සිදුකරණ “ජන බලය ගොඩනඟන – දිස්ත්‍රික් මෙහෙයුම” ලෙස නම් කර ඇති ජනතාව දැනුවත් කිරීමේ දිස්ත්‍රික් මෙහෙයුම් මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික් මෙහෙයුමට එක්වෙමින් පෙරේදා (04) රන්න දික්කුඹර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසී ය.
04වනදා සිට ලබන 07වනදා තෙක් දින හතරක් පුරා පැවැත්වෙන එම වැඩසටහන් සඳහා ජවිපෙ නායක අනුර දිසානායක මහතා, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා, උතුරුමැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා සහභාගී වේ.
අනුර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…
“2020දී මේ රට හදන්න පුළුවන් ශක්තිමත්ම ජනතා මධ්‍යස්ථානය සමග තමයි මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ අවතීරණ වෙන්නේ.
දෙසැම්බර් 02කට කලින් පළාත් පාලන ඡන්දය තියෙනවා. ජනතාවගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා හොරුන්ට දඬුවම්දෙයි කියලා. හොරකම් නතර කරයි කියලා. හැබැයි ජනවාරි මාසේ 08 ආණ්ඩුව හදනවා සතියක් යන්න කලින් බැසිල් රට යනවා. මම ලෑස්තියි එයා හොරකම්කරපුවා ගැන එයත් එක්ක සංවාදයකට යන්න.
දැන් මේ පාලකයෝ 85 ඉඳන් මේ වෙනකොට ණය ප්‍රමාණය දසලක්ෂ පනස් දහසක් කළා. කෝ ඒ ණයවලින් හදපුවා. හම්බන්තොට වරායෙත් හම්බන්තොට ගුවන්තොටුපළත් නොරොච්චෝලේ බලාගාරයත් දකුණු අධිවේගී මාර්ගයත් කටුනායක අධිවේගී මාර්ගයත් ඕකට කෝටි හතලිස්දාහයි ගිහින් තියෙන්නේ. කෝ ණයවලට කරපුවා?
ඉස්සරල තිබුණ ඩොලර් 1380ක ණයකුයි වරායකුයි. දැන් තියෙනවා ඩොලර් 1380ක ණයකුයි ඩොලර් මිලියන 1120ක මුදලකුයි. මුදල මොකද කරන්නේ? මේ වෙලාවේ ඩොලර් මිලිනයක් ඕනා ඉක්මනින්ම. ඡන්දයකට යන්න කල්පනා කරනවා. ගම්වල පාරවල් ටිකක් හදන්න, ඉස්සරහට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලය එවයි ඔය ඉල්ලන අපේක්ෂකයන්ට පොඩි සල්ලිටිකක්. අන්න ඒ සල්ලිටික වියදම්කරනවා ඡන්දෙට. ඒ නිසා මේ ඡන්දය වෙනුවෙන් තමයි මේ හම්බන්තොට වරයා වික්කෙ. මහා ණය කන්දක හිරකරලා. රටේ සම්පත් විකුණන ආර්ථික ප්‍රතිපත්තියකට ගහිල්ලා තියෙනවා.
බැසිල් රාජපක්ෂගේ සල්ලි තෙයෙන්නේ කාගාවද? තිරු නඩේෂන්ගාව. මම අභියෝග කරනවා පුළුවන්නම් ආණ්ඩුව තිරුනඩේෂන්ගේ බැංකු ගිණුම් ටික පරීක්ෂා කරන්න. කවදාවත් පරීක්ෂා කරන්නෑ මතක කියාගන්න.
ඒ ගොල්ලො අතර ජාතිවාදයක් තියෙනවද? නෑ එ ගොල්ලො ලඟ ජාතිවදයත් නෑ මතක තියාගන්න. ඒ ගොල්ලො පක්ෂ හැටියට බෙදිලත් නැහැ. ඒගොල්ලෝ ජාති හැටියට බෙදෙන්නෙත් නැහ මතක තියාගන්න. හැබැයි අපිව පක්ෂ හැටියට බෙදුවා”







සූරියවැව නබඩගස්වැව – තිස්සමහාරාමය





කුඩා බිඹුල – මුල්කිරිගල



කටුවන හැඩිවත්ත – මුල්කිරිගල




සූරියවැව කාන්තා හමුව







වලස්මුල්ල – මුල්කිරිගල





කරම ත්ප්පල්කන්ද



වීරකැටිය යග්ගස්මුල්ල – මුස්ලිම් ගම්මානය




මිද්දෙනිය විද්වත් හමුව





අඟුනකොළපැලැස්ස වැටිය





අම්බලන්තොට ගොඩවාය – ධීවර හමුව





අම්බලන්තොට ලුණුම





අම්බලන්තොට මාමඩල




වීරකැටිය තිරාවල




අඟුණකොළපැලැස්ස සූරියපොකුණ සුහද හමුව





බෙලිඅත්ත වළවෙල






බෙලිඅත්ත දියඇල





තංගල්ල කදුරුපොකුණ







ලුණුගම්වෙහෙර – තිස්සමහාරාමය



ගෝන්නෝරුව – තිස්සමහාරාමය










