කිරි ගොවි අරගලය ඵල දරයි – අඹේවෙල කර්මාන්තශාලාව විවෘතකරයි

කිරි ගොවි අරගලය ඵල දරයි – අඹේවෙල කර්මාන්තශාලාව විවෘතකරයි

අඹේවෙල අළුතින් ඉදිකරන ලද කිරි කර්මාන්ත ශාලාවේ වැඩ ඉක්මනින් ආරම්භ කරන්නැයි පසුගියදා දඹුල්ලේදී පැවති කිරි ගොවි විරෝධතාවයෙත් ඉන් පසුව ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු හා සමස්ත ලංකා ගොවිජන සම්මේලය සමග පැවති සාකච්ඡාවේදීත් කිරි ගොවියන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූ අතර ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදි ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා ඒ සඳහා මාසයක කාලයක් ඉල්ලා තිබිණි. එම සාකච්ඡාව පවත්වා මේ වනවිට මාසයකුත් දින දහයක් පමණ ගවී තිබේ.

කෙසේ නමුත් මේ වනවිට වාර්තා වන්නේ යූරෝ මිලියන 26ක වියදමින් නවීකරණය කරන ලද අඹේවෙල ම්ල්කෝ කිරි කර්මාන්ත ශාලාව ලබන (08)වනදා ජනතා අයිතියට පැවරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව ය.

ඒ අනුව කිරි ලීටර් ලක්ෂ ගණනක් දෛනිකව බිමට හැලීමට සිදුවීමට විසඳුමක් ලැබෙන අතර කිරි ගොවියන්ගේ ප්‍රධාන ඉල්ලීමක්දට ජයග්‍රහණය ලැබී තිබේ.

මේ අනුව කිරි ලීටර් එක් ලක්ෂ විසිපන්දහක (L125,000) දෛණික නිෂ්පාදන ධාරිතාවයකින් යක්ත මෙහි නිෂ්පාදන ධාරිතාවයට ලබන 08වනදා සිට තවත් කිරි ලීටර් ලක්ෂ 04ක දෛනික ධාරිතාවයක්ද එක් වීමට නියමිතය.

Image may contain: 9 people, people smiling, people standing and outdoorImage may contain: 1 person, standing and outdoor

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්