රජයේ වියදම් ශීඝ‍්‍රයෙන් ඉහළට – මුල් මාස හතරේ පමණක් රු.මි.12 ලක්ෂය පනියි

රජයේ වියදම් ශීඝ‍්‍රයෙන් ඉහළට – මුල් මාස හතරේ පමණක් රු.මි.12 ලක්ෂය පනියි

වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව හෙළි වන්නේ මෙ වසරේ (2017) ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ මුල් සිව් මස තුළ රජයේ මුළු ආදායම රුපියල් මිලියන පන්ලක්‍ෂ අසූනව දහස් විස්ස (රු.මි. 5,89,020)ක් වනවිට රජයේ මුළු වියදම රුපියල් මිලියන දොළොස් ලක්‍ෂ තුන්දහස් අටසිය හතළිහ (රු.මි. 12,03,840)ක් වී ඇති බව ය. රජයේ මුළු ආදායමට වඩා ණය ගැනීමට සිදු වී ඇති අතර ලබාගෙන තිබෙන මුළු ණය ප‍්‍රමාණය රුපියල් මිලියන හයලක්‍ෂ දහඅට දහස් තුන්සීය (රු.මි. 6,18,300)ක් වී ඇත.

රජයේ වියදම් විශාල වශයෙන් ඉහළ යාමට හේතු වී ඇත්තේ පසුගිය වසරට වඩා දෙගුණයකට වඩා විශාල ණය වාරික මුදලක් ගෙවීමට සිදු වීම ය.

පසුගිය වසරේ මුල් මාස 04 තුළ ණය වාරිකය රුපියල් මිලියන දෙලක්‍ෂ දහනව දහස් විස්ස (රු.මි. 2,19,020)ක් වී ඇති අතර මේ වසරේ දී එය රුපියල් මිලියන හාරලක්‍ෂ පනස්පන් දහස් දෙසිය අසූව (රු.මි. 4,55,280)ක් දක්වා ඉහළ ගොස් ඇත. එම කාලයට අදාළ පොලී ගෙවීම්ද රුපියල් මිලියන එක්ලක්‍ෂ අනූහය දහස් හයසිය හැත්තෑහයේ (රු.මි. 1,96,676) සිට රුපියල් මිලියන දෙලක්‍ෂ හතළිස්තුන් දහස් හාරසිය අනූනවය (රු.මි. 2,43,499)ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බරපතළ තත්ත්වය වී ඇත්තේ, රජයේ මුළු ආදායම රුපියල් මිලියන පන්ලක්‍ෂ අසූනව දහස් විස්ස (රු.මි. 5,89,020)ක් වූ ගිය වසරේ (2016) ණය වාරික සහ පොලී ගෙවීමට මෙවර රුපියල් මිලියන හයලක්ෂ අනූඅට දහස් හත්සියඅසූව (රු.මි. 6,98,780)ක් දක්වා ඉහළ යාම ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්