මම විශ්වාසභංගයට ඡන්දය දෙන්නේ නැහැ

මම විශ්වාසභංගයට ඡන්දය දෙන්නේ නැහැ

රවී කරුණානායක මහතාට විරුද්ධව මහින්ද පිලේ මන්ත්‍රීවරු පිරිසක් ගෙනා විශ්වාසභංග යෝජනාව සඳහා තමන් ඡන්දය ලබා නොදෙන බව විශ්‍රාමික ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ අද (05) බේරුවල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමිණි.

හිටපු මුදල් අමාත්‍ය, වත්මන් විදේශ කටයුතු ඇමති රවී කරුණානායක මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව සඳහා මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංස, රෝහිත අබේගුණවර්ධන, කුමාර වෙල්ගම ඇතුළු පිරිසක් අත්සන් තබා ඇත.

මීට පෙරද මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය අමතා ප්‍රකාශ කර තිබුනේ රවී කරුණානායක මහතා එක් පුද්ගලයෙකු බැවින් ඔහුට විරුද්ධය විශ්වාසභංග ගෙනඒමෙන් පලක් නැති බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්