දුප්පතුන් නගාසිටුවීම සඳහා ආරම්භ කළ සමෘද්ධි බැංකුවලින් ලබාදෙන ස්වයං රැකියා ණය මුදල්වල වාර්ෂික පොලිය මේ මාසයේ සිට 2%කින් ඉහළ දමා තිබෙන බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වර්තමාන ආණ්ඩුව බලයට පත් වනවිට වාර්ෂික පොලිය 08%ක්ව පැවති බවත් ආණ්ඩුව පත් වූ වහාම එම ප්‍රමාණය 10% දක්වා ඉහළ දැමූ බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා සඳහන් කළේ ය.
එසේ සිදුකර අඩු ආදායම්ලාභීන් පීඩාවට පත් කළ ආණ්ඩුව මේ මාසයේ සිට වාර්ෂික පොලී අනුපාතය 12%ක් බවට පත්කර ඇතැයිද ඔහු පවසා සිටියේය.
සමෘද්ධි බැංකු සතුව තිබෙන සියලුම මුදල් සාමාජිකයන් සතු බවත් මේ ආකාරයට සාමාජියන් සතු මුදල් සාමාජිකයන්ට ණයට ලබාදීමේදී මේ වනවිට වාණිජ බැංකු අය කරන පොලී අනුපාතය මට්ටමටම පොලී මුදල් අය කරගන්නා බවත් හෙතෙම කියා සිටියේය.
පොලී අනුපාත ඉහළ දමමින් නිකුත් කළ අමාත්‍යාංශ චක්‍රලේඛය පහතින් පල වේ.











