මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් සහ විශ්වවිද්‍යාල සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එල්ල වු පොලිස් ප‍්‍රහාරයට විරෝධය දක්වමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය එකමතුව විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහ කිරීමට ඉදිකළ අට්ටාලය ඉවත් කරගන්නා ලෙසට කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (29) නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම අට්ටාලය හේතුවෙන් පදික වේදිකාව අවහිර වී මගීන්ට හිරිහැරයක් වන්නේ යැයිද එය අනතුරුදායක තත්ත්වයක් යැයිද අධිකරණයට පවසමින් එය ඉවත් කරගන්නා ලෙස නියෝග කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇත.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය එකමුතුවේ සභාපතිවරයා ඇතුළු 12 දෙනකුට මෙම නියෝගය නිකුත් කර තිබේ.
මේ වනවිට එම ස්ථානයට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතාද ගොස් සිටියි.










