ඇමති සමග සාකච්ඡා අසාර්ථකයි – තැපැල් වර්ජනය දිගටම

ඇමති සමග සාකච්ඡා අසාර්ථකයි – තැපැල් වර්ජනය දිගටම

තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණුවලට එකඟතාව පළ කළ නොහැකි නිසා වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

කෙසේ වෙතත් තම ඉල්ලීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කර තිබෙන අග්‍රාමාත්‍ය ලේම්වරයා ප්‍රමුඛ කමිටුව පිළිගත හැකි ස්ථිර විසඳුමක් ලබා දෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට සූදානම් බවද එම සංගමය පවසයි.

තැපැල් අමාත්‍යවරයා සාකච්ඡාවේදී පැවැසූ පරිදි අමාත්‍යවරයාගේ ස්ථාවරය ඓතිහාසික වටිනාකමින් යුත් පැරැණි තැපැල් ගොඩනැඟිලි ආදායමක් උපයාගත හැකි ස්ථාන බවට පත් කිරීමට නම් ලෝක උරුම ගොඩනැඟිලි වශයෙන් නම් කර ඇති එම ස්ථාන පිළිබඳ යුනෙස්කෝ වැනි සංවිධානවලින් නිසි අවසරයක් ලබාගත යුතු යැයිද තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කරයි.

තැපැල් දෙපාර්තමේන්තුව සතු ගොඩනැඟිලි විකිණීමකින් තොරව ඒවා හරහා රටට ආදායමක් ලබාගත හැකි වෙනත් විකල්ප ක්‍රමවේද ඕනෑ තරම් ඇතැයිද ඔහු සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn