SAITM අර්බුදය විසඳනු වෛද්‍ය පීඨ ආචාර්යවරු විරෝධතාවයේ

SAITM අර්බුදය විසඳනු වෛද්‍ය පීඨ ආචාර්යවරු විරෝධතාවයේ

මාස ගණනාවක් තිස්සේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය දැඩි අර්බුදයට පත් කරමින් තිබෙන මුදලට වෛද්‍ය උපාධි ප්‍රදානය කරන සයිටම් ආයතනය සම්බන්ධ ගැටලුවලට සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය අද (29) සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

එදින සියලුම ඉගැන්වීමේ හා පරිපාලන කටයුතුවලින් ඉවත්වන එම සංගමය පහත ඉල්ලීම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකර සිටී.

  1. සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම වහාම නතර කිරීම.
  2. සයිටම් ආයතනයට ලබා දුන් උපාධි ප්‍රදානය කිරීමේ බලය ඉවත් කිරීම.
  3. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සයිටම් ආයතනය පිළිබඳව 2015/09/04 දින ඉදිරිපත් කළ නිර්දේශයන් සඳහා නීතිමය වලංගුභාවය ලබා දීම.
  4. සයිටම් ආයතනයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුකූලතා සහතිකය ප්‍රදානය කර නොමැති බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම.
  5. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සකස් කරන ලද වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් සඳහා නීතිමය භාවය ලබාදීම.
  6. සයිටම් ආයතනයේ ශිෂ්‍යයන්ට ලබා දිය හැකි විසඳුම් සෙවීම සඳහා කමිටුවක් පත් කිරීම.

රාජ්‍ය වෛද්‍ය පීඨවල ශිෂ්‍යයන් අඛණ්ඩ පන්ති වර්ජනයක් අරඹා සති 19ක් ගතවී ඇති බැවින් සයිටම් ආයතනය පිළිබඳ අර්බුදය සම්බන්ධව විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මත පදනම්ව ඉක්මන් විසඳුමක් ලබා දෙන මෙන් වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති වෛද්‍ය මනුජ් සී. වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම ඊයේ (28) දින පේරාදෙණිය වෛද්‍ය පීඨ ආචාර්‍ය සංගමය විසින් සයටම් ආයතනය පූර්ණ ජනසතු කීරීමක් කලයුතු බව අවධාරණය කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වූ අතර ඔවූහු සයටම් ආයතනයට එරෙහිව විරෝධතාවයක්ද නියැලුනහ.

Image may contain: 2 people, people standing and outdoorImage may contain: one or more people and outdoorImage may contain: one or more people, people standing and outdoorImage may contain: 5 people, people standing and outdoorImage may contain: 5 people, outdoorImage may contain: 2 people, people smiling, people standing and outdoorImage may contain: 4 people, crowd and outdoorImage may contain: 8 people, people smiling, people standing

Facebook
Twitter
LinkedIn