විදුහල්පතිවරු අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ

විදුහල්පතිවරු අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ

විදුහල්පතිවරු 25,000ට අධික පිරිසක් හට පවතින ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිසි මැදිහත්වීමක් සිදුවී නොමැති බව පවසමින් ගුරු – විදුහල්පති පෙරමුණ විසින් අද (28) පෙරවරුවේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුර අමාත්‍යාංශ ස්ථීර ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විදුහල්පතිවරු සඳහා සාකච්ඡාවක් ලබා දී තිබේ.

එම සාකච්ඡාව අනුව විදුහල්පතිවරුන්ගේ ගැටළු කඩිනමින් විසඳීමට අදාළ එකඟතාවයන් කිහිපයකට පැමිණ ඇති අතර එහිදී රාජ්‍ය සේවා කොමිසන් සභාව සමග සාකච්ඡා කර විසඳා ගතයුතු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන්ද දෙපාර්ශවයේම අවධානය යොමුව ඇත.

එමෙන්ම අනෙකුත් ගැටළු විසඳා ගැනීම සඳහා ගුරු – විදුහල්පති පෙරමුණ සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසීමටද දේපාර්ශවයම එකඟ වී තිබේ.

සැලකියයුතු කාලසීමාවක් තුළ අදාළ ගැටළු විසඳීමට අමාත්‍යාංශය අසමත්වුවහොත් නැවතත් වෘත්තී යසමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණය වන බවද වෘත්තීය සමිති එහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථීර ලේකම්වරයාට සෘජුවම දන්වා ඇත.

මෙම සාකච්ඡාව සඳහා ගුරු – විදුහල්පති පෙරමුණ නියෝජනය කරමින් එහි කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා සහ එහි අනෙකුත් නිලධාරීන් සහභාගී වී ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් එහි ස්ථීර ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, එහි අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා සහ විදුහල්පති අංශ සහකාර ලේකම්වරයා සහභාගී වී තිබේ.

Image may contain: 5 people, people standing and outdoorImage may contain: 10 people, people smiling, outdoorImage may contain: 1 person, crowd and outdoorImage may contain: 7 people, people standing, crowd and outdoorImage may contain: 5 people, people smiling, people standingImage may contain: 3 people, people smiling, crowd and outdoorImage may contain: 6 people, people smiling, people standing, crowd and outdoorImage may contain: 3 people, people standing and outdoorImage may contain: one or more people, people standing, people walking, crowd and outdoorImage may contain: 6 people, crowd, tree and outdoorImage may contain: 4 people, people standing, crowd and outdoorImage may contain: 3 people, people standing, people walking, crowd and outdoorImage may contain: 3 people, people standing, people walking, crowd and outdoor

Facebook
Twitter
LinkedIn