මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය වහාම අහෝසි කළ යුතු බවත් සයිටම් ආයතනය අහෝසි කරන තුරු තමන් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වන බවත් සඳහන් කරමින් වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පියෝ අද (28) පස්වරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ඉදිකළ අට්ටාලයක් මතට නැගී සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.
එම දෙමව්පියෝ සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පෙර විරෝධතා පාගමනකද නියැලුණහ.
සයිටම් ආර්බුදය විසඳන ලෙස ආණ්ඩුවට බලකරමින් වෛද්‍ය පීඨ සිසුන් මේ වනවිට දින 600කට ආසන්න කාලයක් සත්‍යග්‍රහයේ නිරතව සිටින අතර දින 200කට ආසන්න කාලයක් ඔවූහු පන්ති වර්ජනයකද නිරතව සිටිති. එහෙත් පාලකයින් ඊට කිසිඳු විසඳුමක් දීමට මෙතෙක් කටයුතු කර නැත.






2










