උමා ඔයේ ගැටළු පිළිබඳ සාකච්ඡාවකට ජනාධිපති දින දෙයි – හර්තාලය තාවකාලිකව නතර කරයි

උමා ඔයේ ගැටළු පිළිබඳ සාකච්ඡාවකට ජනාධිපති දින දෙයි – හර්තාලය තාවකාලිකව නතර කරයි

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට බරපතල අනතුරකට මුහුණදී තිබෙන මධ්‍යම කඳුකරයේ නැගෙනහිර නිම්නයේ මහා කළු හර්තාලයට සමගාමීව බණ්ඩාරවෙල නගරයේ පැවති විරෝධතා රැලිය අතරතුර ජනාධිපතිවරයා විසින් බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණට සාකච්ඡාවක් ලබා දීමට එකඟතාවය පල කර තිබේ.

ඒ අනුව ලබන 30 වනදා පස්වරු 6.00ට අදාළ සකච්ඡාව ලබා දී ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඌව පළාත් අණ්ඩුකාර ලේකම්වරයා සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම්වරයා මගින් මෙම ලිපිය බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ වෙත භාර දී ඇති අතර ආණ්ඩුකාර ලේකම්වරයා විසින් එම ලිපියේ ඇති කරුණු රැස්ව සිටි ජනතාවට ඇසෙන සේ කියවීමෙන් පසු සියළුම විරෝධතාකරුවන්ගේ එකඟතාවය මත එම ලිපිය භාරගැනීමට කටයුතු කළ බව සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ මෙම දැනුම්දීමට පෙර මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් ලිපියක් යොමු කර ඇති අතර එම ලිපිය ලියූ දිනය පසුගිය 21වනදා බවටත් දින 04ක් ඇතුළත ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ලබා දෙන බවටත් ප්‍රකාශ කර තිබී ඇත. ඒ අනුව ලිපිය ලියූ දින සිට සාකච්ඡාව ලබා දෙන බවට සඳහන් දිනය මේ වනවිටත් ගෙවී ගොස් ඇති බැවින් බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ එම ලිපිය ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන් පසු හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට දින ලබා දී ඇති බවට සඳහන් ලිපියක් යොමු කර තිබේ. හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මහ ඇමතිව සිටි සමයේ සිට උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පොරොන්දු කප්පරක් ලබා දී ඇතත් මෙතෙක් එම පොරොන්දු කිසිවක් ඉටු කර නැතැයි පවසමින් එම ලිපියද ප්‍රතික්ෂේප කිරීමට බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ කටයුතු කර ඇත.

ඒ අනුව අවසානයේ ජනාධිපතිවරයාටම මෙසේ තම නිවේදනය බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ වෙත යොමු කිරීමට සිදුව ඇත.

කෙසේ නමුත් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට යාමට බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ නිධාරීන් ඇතුළු විරෝධතාවයේ නියැළුලුණු ජනතාව එකඟතාවය පළ කිරීමෙන් පසු එම සාකච්ඡාවට යාමට ඔවුන් තීරණය කළ බැවින් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර නිම්නයේ මහා කළු හර්තාලය තාවකාලිකව නතර කිරීමට කටයුතු කළ බව විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව ජනතා පෙරමුණේ කැඳවුම්කරු, ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ ය.

Image may contain: one or more people, crowd and outdoorImage may contain: one or more people, crowd and outdoorImage may contain: 1 person, crowd and outdoorImage may contain: 1 person, crowd and outdoor

Facebook
Twitter
LinkedIn