උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට රටම බරපතල අනතුරකට පත්ව ඇති බැවින් ඊට එරෙහිව අද (28) දින දැවැන්ත කළු හර්තාලයක් පවත්වන බවත් ඊට කන්දී ඉල්ලීමවලට විසඳුම් ලබා නොදුනෙත් ඉදිරියේදී මීටත් වඩා බරපතල තීන්දු කිහිපයක එළඹීමට විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව ජනතා පෙරමුණ තීන්දු කර ඇති බව දන්වමින් එහි කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා විසින් අද පෙරවරුවේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
මෙම ගැටළුව විසඳීම සඳහා විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව ජනතා පෙරමුණ විසින් කරනු ලබන යෝජනාද එහි ඇතුළත් කර තිබේ.
එම ලිපිය පහතින් පල වේ
2017/06/28
අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
අතිගරු ජනාධිපතිතුමණි,
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ මහා කළු හර්තාලයේ ඉල්ලීම් දැනුම්දීම.
උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් අප ප්‍රදේශවලට සිදුව ඇති විනාශයට පිළියම් ලෙස,
- වහ වහා දිය කාන්දු වැලැක්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලීම.
- ඉදිරි ඉදිකිරීම් වහා නවතා විධිමත් විද්‍යානුකූල පරීක්ෂණයක් නොපමාව පැවැත්වීම.
- දැනට සිදුව ඇති විනාශයන් සඳහා නොපමාව ජනතාවට සාධාරණය ඉටු කරමින්සහන හා වන්දි ලබාදීම.
- අනාගත විනාශයන් වැලැක්වීමටත්, ජන ජීවිතය යථාවත් කිරීමටත් විද්වත් කණ්ඩායමක් යොදවාවිද්‍යානුකූල සැලැස්මක් සකස් කර ඒ සඳහා නව ව්‍යාපෘතියක්දඊට අදාල ප්‍රතිපාදනද නොපමාව ලබාදීම.
ඉහත ඉල්ලීම් ලබාදීම වෙනුවෙන් වූ ජනාධිපතිතුමා මූලිකත්වය ගනු ලබන සාකච්ඡාවක් අවම ලෙස ඉදිරි දින 05 ඇතුලත ලබාදෙන ලෙසත්, එම සාකච්ඡාව බණ්ඩාරවෙලදී කරණ ලෙසත්, එම සාකච්ඡාවට පෙර ජනාධිපතිවරයා හානියට පත් ස්ථාන කිහිපයක් පරීක්ෂා කිරීමට පැමිණිය යුතු බවටත්, යෝජනා කරමු. මෙම යෝජනාවට එකඟ නොවන්නේ නම් අප සංවිධානය ඉදිරියේදී ජනතාව සමඟ රටේ බහුජන සංවිධාන එකමුතුවෙන් දැඩි ක්‍රියාමාර්ග කිහිපයක් ගැණීමට සූදානම්ව ඇත. එබැවින් ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකර ඔබගේ තීන්දුව අප වෙත අද දිනයේම දැනුම් දෙන ලෙසත්, එම දැනුම්දීම බලාපොරොත්තුවෙන් දස දහස් ගණනාවක ජනතාවක් අද දින බණ්ඩාරවෙල නගරයට රැස්ව හර්තාලයක නිරතව ඇති බවත් දන්වා සිටිමු.
මෙයට,
විශ්වාසී,
සමන්ත විද්‍යාරත්න
කැඳවුම්කරු,
පිටපත් :- ගරු අග්‍රාමාත්‍යතුමා, (අවශ්‍ය කටයුතු සඳහා)
ගරු ඌව පළාත් ආණ්ඩුකාරතුමා, (අවශ්‍ය කටයුතු සඳහා)










