විදුහල්පතිවරුන් හට පවතින ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිසි මැදිහත්වීමක් සිදුවී නොමැති බව ගුරු – විදුහල්පති පෙරමුණ පවසයි.
එහි කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා පැවසුවේ මෙම ගැටළුවලට විසදුම් ඉල්ලා අද (28) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කරන බවය.
අපේ රටේ 25,000ට අධික විදුහල්පතිවරු පීඩාවට පත්ව ඇති බව එම මහතා පවසයි.
එමෙන්ම උසස් වීම් ලබා ගැනීමේදී, ස්ථාන ගත කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් හා වැටුප් ලබා දීමේදී විදුහල්පතිවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව එම මහතා කියා සිටියි.
පුහුණු වීම්, විදෙස් සංචාර ආදිය සඳහා තෝරා ගැනීමේ දී විධිමත් ක්‍රමවේදයක් නොමැති බවද මහින්ද ජයසිංහ මහතා විවධාරණය කළේ ය.
6










