බණ්ඩාරවෙලට ජන ගඟක් – හර්තාල් ඇරඹෙයි – කඩ සාප්පු වැසේ – පාසල් වැසෙයි, බස්ධාවනය නවතියි – නගරයම කළු වෙයි

බණ්ඩාරවෙලට ජන ගඟක් – හර්තාල් ඇරඹෙයි – කඩ සාප්පු වැසේ – පාසල් වැසෙයි, බස්ධාවනය නවතියි – නගරයම කළු වෙයි

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට බරපතල අනතුරකට මුහුණදී තිබෙන මධ්‍යම කඳුකරයේ නැගෙනහිර නිම්නයේ මහා කළු හර්තාලය මේ වනවිට ආරම්භ වී තිබේ.

මේ වනවිටත් බණ්ඩාරවෙල නගරයේ සියලුම කඩසාප්පු, පාසල් වසා දමා කළු කොඩි ඔසවා ඇති අතර පුද්ගලික බස් ධාවනයද මළුමනින්ම නතර කර තිබේ.

මෙම උද්ඝෝෂණය සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, ප්‍රදේශවාසීන්, පරිසර වේදීන්, නීතීඥයින්, පාසල් ළමුන් ප්‍රවාහනය කරණ බස් රථ හා වෑන් රථ හිමියන්ගේ සංගමය, බණ්ඩාරවෙල වෙළඳ සංගමය, බණ්ඩාරවෙල තොග එළවලු වෙළඳපොල සංගමය ඇතුළු සැබෑ දේශප්‍රේමීන්ද උගතුන් හා බුද්ධිමතුන් පෙරටුකරගෙන වනවිටත් විරෝධතා පාගමන් ආරම්භ කළ බව උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

අති විශාල ජන ගඟක් මෙම පෙලපාලිවල ගමන් කරමින් සිටින අයුරුද දක්නට ලැබේ.

Image may contain: 6 people, crowd and outdoorImage may contain: 9 people, people smiling, crowd and outdoorImage may contain: 10 people, people walking, crowd and outdoorImage may contain: tree and outdoorImage may contain: bridge, tree, sky and outdoor

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්