ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංගට එරෙහිව ඊයේ (27) පැවැති විනය පරීක්ෂණයේදී ලසිත් මාලිංග වරද පිළිගත් බැවින් වසරක තරග තහනමක් පනවා එය මාස 6කට අත්හිටුවීමට විනය කමිටුව පියවර ගෙන තිබේ.
මෙම තහනමට අමතරව මාලිංග ක්‍රීඩා කරන පළමු එක්දින තරගයේ තරග මුදලින් 50ක දඩයක්ද නියම කර තිබේ.
මේ අනුව මාලිංගගේ ඉදිරි මාස 06 තුළ කිසිඳු විනය විරෝධී කටයුත්තක නිරතවීමට නොහැකි බව විනය කමිටුන දන්වා ඇත.
මෙම දඬුවම පැනවුවද මාලිංග එළැඹෙන සිම්බාබ්වේ තරගාවලියේ තේරීම් සඳහා යොදාගන්නා බවද ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ගිවිසුම්වලින් පසු ක්‍රිකට් ආයතනයේ අවසරයකින් තොරව මාධ්‍යයට විවේචනාත්මක අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි වන අතර එම වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙසේ මාලිංගට විනය පරීක්ෂණයකට මුහුණ දීමට සිදු විය.
9










