ගංවතුරෙන් ආපදාවට පත්වූවන් මුහුණ පා ඇති ගැටළු සම්බන්ධයෙන් දිසාපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

ගංවතුරෙන් ආපදාවට පත්වූවන් මුහුණ පා ඇති ගැටළු සම්බන්ධයෙන් දිසාපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

පසුගියදා ගාල්ල දිස්ත්‍රික්කයට ඇතිවූ ගංවතුර තත්වයෙන් විපත්ට පත් ජනතාව දැඩි අසාධාරණයකටත් පීඩාවකටත් ලක්ව ඇති බැවින් ඔවුන්ට සහන සැලසීම සඳහා ගතහැකි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස දන්වමින් ගංවතුරෙන් විපතට පත්වූවන්ගේ ගාලු දිස්ත්‍රික් මධ්‍යස්ථානය විසින් ගාලු දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරන බව එම මධ්‍යස්ථානය අද (27) ගාල්ලේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි සභාපති දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලීන් හේවගේ මහතා ප්‍රකාශ කර සිටියේ ය.

ගංවතුරෙන් විපතටපත් සියළුම ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම සංවිධානය පිහිටුවාගනෙ ඇති බවද එහිදී නලින් හේවගේ මහතා අවධාරණය කළේ ය.

දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමු කිරීම සඳහා සැකසූ ලිපියද එම අවස්ථාවේ මාධ්‍ය වෙත ලබා දෙන ලදී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්