ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් වෙනුවෙන් ජර්මන් පාර්ලිමේන්තුවේ ආරාධනාවක් පරිදි බර්ලින් නුවරට ගොස් සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා එතෙර අපි සංවිධානයේ මැඳිහත්වීම හරහා ජමනියේ බර්ලින් සහ මියුනිච් යන නඟරවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීමකට අනුව එම නඟරයන්හි එතෙර අපි සංවිධානයේ ශාඛා පිහිටුවීමේ මූලික සාකච්ඡා සභාවන් දෙකක් ආමන්ත්‍රණය කරන ලදී.
ඒ අනුව බර්ලින් නුවර පැවති සාකච්චා සභාව ජුනි 24 දින පැවැත්වූ අතර ජර්මනියේ බර්ලින්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයින් ඒ සඳහා සහභාගී වූ අතර මියුනිච් නඟරයෙහි පැවති සාකච්ඡා සභාව ජුනි මස 25 දින පැවැත්විණි.
රටට විදේශ විනිමය සපයන විවිධ ක්ෂෙත්‍රවල සේවයේ නියුතු පිරිස් මේ සාකච්චා සභාවන් සඳහා සහභාගී වූ අතර විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂයෙන්ම බලපාන විවිධ ගැටලු සම්බන්ධයෙන් මෙන්ම රටේ වර්ථමාන දේශපාලන, ආර්ථික අර්බුදය පිළිබඳවද එහිදී සාකච්චා කෙරිණ.
ඒ සඳහා සහභාගී වී සිටි ශ්‍රී ලාංකිකයන්, රටේ පවතින අර්බුධයන්ට ජනතා විමුක්ති පෙරමුණේ බලයක් යටතේ පිළිතුරු සොයන ආකාරය සහ ඒ ඒ අර්බුදයන් විසඳීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න යොමු කළ අතර ඒ පිළිබඳව සිදුකළ පැහැදිළි කිරීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔවුන් සිය ප්‍රසාදය පලකළේ ය.
ජර්මින් හි මියුනිච් නඟරයේදී ජවිපෙ නායකයෙකු මෙවැනි සාකච්ඡා සභාවක් ආමන්ත්‍රණය කළ ඉතිහාසයේ මුල්ම අවස්ථාවද මෙය වෙන අතර මෙම සාකච්ඡා සභා සඳහා බර්ලින් සහ මියුනිච්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ගේ විශේෂ සහයෝගයක් ලැබී තිබිණි.
බර්ලින් නගරයේ පැවති සාකච්ඡා සභාව
මියුනිචි නගරයේ පැවති සාකච්ඡා සභාව






































