මුදලට වෛද්ය උපාධිය විකුණන මාලබේ සයිටම් ආයතනයේ සභාපති වෛද්ය නෙවිල් ප්රනාන්දු මහතා සහ ජනාධිපති පෞද්ගලික ලේකම් එරික් වීරවර්ධන මහතා අතර හමුවක් අද (27) පෙරවරුවේ ජනපති ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබේ.
සයිටම් ආයතනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගනු ලබන ක්රියාමාර්ග ගැන මෙම සාකච්ඡාව පැවැති බව වාර්තා වේ.
මේ අතර සයිටම් ආයතනය පුන්යායතනයක් ලෙස, රාජ්ය ආයතනයක් ලෙස පවත්වාගෙන යාම හෝ 51%ක් රජයට තබාගෙන ඉතිරි 49% කොටස් වෙළඳපොළට දැමීම යන කරුණූ සම්බන්ධයෙන් ක්රියාත්මක වීම ගැන මේ වනවිට ආණ්ඩුව සාකච්ඡා කරමින් සිටින බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්ය හමුවකදී කබීර් හෂීම් මහතා ප්රකාශ කර තිබේ.
0










