සියලුම විදුලි සේවකයෝ හෙට (28) කොළඹට

සියලුම විදුලි සේවකයෝ හෙට (28) කොළඹට

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව හෙට (28) ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව  ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසයි.

ඒ අනුව හෙට පෙරවරුවේ පැවැත්වෙන උද්ඝෝෂණයෙන් පසු පෙ.ව. 11.00ට දැවැන්ත විරෝධතා පාගමනින් කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨය වෙත පැමිණෙන එම වෘත්තීය සමිති සාමාජිකයින් එහිදී ජාතික මහා සමුළුවක් පවත්වන බව රංජන් ජයලාල් මහතා සඳහන් කරයි.

එම සමුළුවේදී විශේෂ තීන්දු තීරණ කිහිපයකට එළඹීමට නියමිත බවත් ඒ අතර සියලු වෘත්තීය සමිති සාමාජිකයින්ගේ අනුමැතිය ලබාගෙන අඛන්ඩ වැඩවර්ජනයක් සඳහා තීරණය ගැනීමට නියමිත බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්