SAITM පිළිබඳ ජනපති නිවේදනයේ කිසිදු වෙනසක් නැහැ – GMOA සමග සාකච්ඡා පැවැත්තුවෙත් නැහැ

සයිටම් ආයතනයේ ස්ථාවරය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය සංශෝධනය නොකරන බවත් ජනාධිපතිවරයා සමග හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයින් සමග ඊයේ (26) කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වූ බවත් ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ.

ජනාධිපති ලේකම්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ (26) පස්වරුවේ හදිසි සාකච්ඡාවක් පැවැත්වෙන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබූ නමුත් එවැන්නක් සිදු නොවූ බව ජනාධිපති ලේකම් වරයා අවධාරණය කයි.

මූලාශ්‍ර නෙත් නිවුස්

Facebook
Twitter
LinkedIn