නවගමුව ප්‍රදේශයේ ගල් කොරියක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන සිටි විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරෙකු ලෙස කටයුතු කළ හමුදා කපිතාන් තිස්ස විමලසේන මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔහු සමග එම සිද්ධියටම අදාළව පුත්තලම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ලාල් ප්‍රියන්ත පිරිස් මහතාවද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රානිමා විජය බණ්ඩාර මහත්මිය හමුවේ මෙම නඩුව අද (27) කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය සිදු කර ඇති අතර එම නඩුව යලි ලබන මස 11වනදා කැඳවීමට නියමිත ය.
3










