රාමදාන් උත්සවය පැවැතෙමින් ඇති අවස්ථාවේ සාප්පු සවාරියක ගොස් නැවත පැමිණෙමින් සිටී මුස්ලිම් තරුණයකු ඝාතනය කිරීම පිළිබඳ හර්යානා ප්‍රන්තය තුළ කිසියම් කැළඹිලි කාරී තත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
තරුණයි 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර මුලික පරීක්ෂණවලදී වාර්තා වී ඇත්තේ දුම්රිය ආසනයක් සම්බන්ධ ප්‍රශ්නයක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි. එහෙත් අත් අඩංගුවට පත් එක් සැකකරුවකු පවසා ඇත්තේ මුස්ලිම්වරුන් හරක් මස් අනුභව කිරීම මෙම ඝාතනයට මුල්වූ බවයි.
මෝදි අග්‍රාමාත්‍යවරයාගේ භාරතීය ජනතා පක්ෂය පාලනය දැඩි හින්දු මතධාරීන් බැවින් ගවයා උත්කර්ෂයට නංවමින් කටයුතු කරමින් සිටී. එම තත්වය තුළ නීතිය තමන් අතට ගත් කණ්ඩායමක් විසින් මෙම තරුණයා ඝාතනය කර ඇත්තේ ගව ඝාතනයට විරෝධය විරෝධය පළකිරීමක් ලෙසය. මෙවැනි සිදුවීම් ඉන්දියාව තුළ වර්ධනය වෙමින් ඇති වටපිටාවක් තුළ අවිහිංසාවාදය ඉන්දියානු ජන සමාජයෙන් වියැකී යන තත්වයට පත්ව ඇති බව ප්‍රකාශ වී ඇත.









