SAITM විරෝධී සිසුන්ට එරෙහි විරෝධතාවට රාජිත සෞඛ්‍ය සේවකයින් බලහත්කාරයෙන් රැගෙන යයි

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයට විරුද්ධව විරෝධතාවයේ නිරත සිසුන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමට ගත් උත්සායට විරෝධය දක්වමින් සෞඛ්‍ය ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අද (27) සංවිධානය කර ඇති විරෝධතාවයක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතවල ස්ථීර නොකළ සේවකයන් බලහත් කාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාශංය ඉදිරිපිටට රැගෙන එමින් සිටින බව වාර්තා වේ.

එම සේවකයන්ව සේවයේ සිටියදීම රාජකාරියෙන් පරිබාහිර මෙම විරෝධතාවය සඳහා රැගෙන යමින් සිටිති.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය ආදී ආයතනවල සේවකයින් බියවද්ධමින් තර්ජනය කරමින් ඉතාමත් නීති විරෝධී ලෙස අදාළ උද්ඝෝෂණය සඳහා සහභාගී කරවා ගනිමිනි සිටියි.

පසුගිය මැයි දිනයටද රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙලෙසම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථීර නොකළ සේවකයින් රැගෙන ගියේය.

Facebook
Twitter
LinkedIn