ඇමෙරිකාවෙන් සහ කැනඩාවෙන් රාමදාන් උත්සවයට වෙනස් ප්‍රතිචාර!

ඇමෙරිකාවෙන් සහ කැනඩාවෙන් රාමදාන් උත්සවයට වෙනස් ප්‍රතිචාර!

රාමදාන් උත්සවය නිමිත්තෙන් වසර 20කට අධික කාලයක සිට ඇමෙරිකාවේ ධවල මන්දිරයේ පැවැත්වෙන උත්සවය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙවර අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමෙරිකානු මුස්ලිම් පුරවැසියන්ගේ නියෝජනයෙන් සහ මුස්ලිම් සම්භවයක් සහිත ධවල මන්දිර කාර්ය මණ්ඩලය ද සහභාගී වෙමින් පැවැත්වෙන රාමදාන් උත්සවය සම්ප්‍රදායක් ලෙස ධවල මන්දිරයේ පැවැත් වෙන අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා ගනු ලැබූ මෙම තීරණය පිළිබඳව වැඩි දෙනෙකුගේ අවධානයට ලක් වී ඇති බව පැවසේ.

මෙම සිදුවීම පිළිබඳව සඳහන් කරමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා නිකුත් කර ඇති නිවේදනයක දක්වා ඇත්තේ රාමදාන් උත්සවය පැවැත්වීම අත්හිටුවනු ලැබුවේ මුස්ලිම් විරෝධයක් තුළ නොවන බවත් ලොව පුරා මුස්ලිම් ජනතාවට තමන් සුභ පැතුම් එක්කරන බවත්ය.  කෙසේ වෙතත් රාමදාන් දින පණිවිඩයක් නිකුත් කරමින් අසල්වැසි කැනඩා ජනාධිපතිවරයා මීට හාත්පසින් වෙනස් ප්‍රතිචාරයක් දක්වා ඇති අතර ඊට ලොව පුරා ජනතා ප්‍රසාදය ලැබෙමින් තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ කැනඩාව යනු බහු සංස්කෘතික රටක් වන බවත් කැනඩාව තුළ ජීවත් වන මුස්ලිම් ප්‍රජාව කැනඩාවට ශක්තියක් වී ඇති බවත්ය.

Facebook
Twitter
LinkedIn