පල්ලියකට පෙට්‍රල් බෝම්බ ගැසූ බොදු බලේ 2ක් අත්අඩංගුවට

පල්ලියකට පෙට්‍රල් බෝම්බ ගැසූ බොදු බලේ 2ක් අත්අඩංගුවට

කුරුණැගල මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පසුගිය දා පැට්ට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලීසිය සී.සී. ටී. වී කැමරා පද්ධතිවල සටහන් පරිදි එම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු සමඟ යතුරු පැදි දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ප්‍රහාරය සිදු කළැයි කියන මෙම සැකකරුවන් බොදු බල සේනා සංවිධානයට අයත් අය බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. මෙහිදී අත්අඩංගුවට ගන්නා ලද යතුරු පැදි දෙක මෙම සැකකරුවන් විසින් එම ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි යතුරු පැදි බවද පැවසේ.

පසු ගිය මැයි මස 21වැනි දා අලුයම මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පැට්‍ට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබුණි.

පොලීසිය ප්‍රකාශ කර සිටින්නේ එදිනට කලින් දින බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන හිමි නමක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පෑමක් වශයෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 දක්වා රිමාන්ඩ් බාරයට පත්කර තිබේ.

Facebook
Twitter
LinkedIn