කළුතර අජිත් – මලිත් ගැටෙති

කළුතර අජිත් – මලිත් ගැටෙති

බණ්ඩාරගම සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති බණ්ඩාරගම ප්‍රාදේශිය සංවර්ධන කමිටුව අතර කළුතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා හා ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා අතර ගැටුමක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් විදාතා ගොඩනැගිල්ල කඩා ඉවත් කොට යොවුන් පෙරමුණ සදහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා යෝජනාවක් අජිත් පෙරේරා මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සදහා නිළධාරීන් මෙන්ම මලික් ජයතිලක මන්ත්‍රීවරයාද විරුද්ධ වී තිබේ. මෙහිදී ඉතා ආවේගශීලීව සියළුදෙනාට බැන වැදී  ‘පස්සේ බලාගමු’ යැයි තර්ජනය කරමින්  අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා කමිටුව අතරමගදී ඉවත්ව ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn