චීනය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් වන සඳ ගවේෂණයේදී චන්ද්‍රයා මත පර්යේෂණ අර්තාපල් වගාවක් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන මූලික සැලසුම් මේ වනවිටත් සිදු කෙරෙමින් පවතින බවත් චන්ද්‍රයා මත පරිසරික තත්වය පිළිබඳව ගවේෂණය කිරීම මෙහි අරමුණ බව චීනය ප්‍රකාශ කරයි.
චීනයේ චෙන්ග්කුයින්ග් සරසවියේ මහාචාර්ය ක්ෂී ජෙන්ග්සින් පවසා ඇත්තේ අර්තාපල් බීජ මෙන්ම පට පණුවන් කීප දෙනෙකුද සඳ මතට යවා එම අත්හදා බැලීම සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි. චීනය සඳ මත මිනිස් ජනාවාස පිහිටුවීමේ සැලසුමෙහි මූලික පියවර ලෙස මෙම පර්යේෂණාත්මක අර්තාපල් වගාව සිදුකෙරෙනු ඇති බව පැවසේ.
5










