අයි.ඩී.එච් උණ රෝහල වසා දමයි

අයි.ඩී.එච් උණ රෝහල වසා දමයි

අධික ලෙස උණ රෝගීන් ඇතුලත් වීම හේතුවෙන් අයිඩීඑත් උණ රෝහල වසා දමා ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව ඊයේ දිනයේ සිට කිසිදු රෝගියෙකු ඇතුලත් කර නොගන්නා බව වාර්තා වේ.

ඒ අනුව නේවාසික ප්‍රතිකාර සඳහා ඊයේ පස්වරු 6 සිට රෝහල් ගේට්ටුවද වසා දමා ඇති අතර රෝහලට පැමිණෙන රෝගීන් ආපසු හරවා යැවීමටද කටයුතු කර තිබේ.

උණ රෝගීන්ගෙන් රෝහල් වාට්ටු පිරී යාමෙන් ඊයේ රාත්‍රී සිට අද(15) පෙරවරු කාලය දක්වා උණ රෝගීන් බාර නොගත් බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

අයි.ඩී.එච් උණ රෝහලේ ඇදන් 220ක් පමණ ඇති අතර රෝගීන් 600කට වැඩි ප‍්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබයි. ඇතැම් ඇදන්වල රෝගීන් හතර දෙනෙකු බැගින් සිටිති.

මේ හේතුවෙන් රෝහලේ ඉඩකඩ හා පහසුකම් ප්‍රමාණවත් නොවන බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn