හෙන්දාවිතාරණ FCIDට

හෙන්දාවිතාරණ FCIDට

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සමයේ යුධ හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා තිබේ.

මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති අතර මේ වනවිටත් විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා අදාළ ප්‍රකාශය ලබාදෙමින් සිටින බව වාර්තා වේ.

අද (14) උදෑසන 9.00ට පමණ ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ ඇත.

උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පවත්වාගෙන යන කේබල් රූපවාහිනී ආයතනකින් සහ තවත්  ආයතන කිහිපයකින් මිලියන ගණනක මුදලක් සිය ගිණුමට බැරකර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත  මුල්‍ය අපරාධ කොට්ඨාසයේ විසින් සිදු කෙරෙන පරීක්ෂණයක් අනුව මෙම ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිත බවවත් වැඩි දුරටත් වාර්තා වේ.

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ වු පුද්ගල පැහැර ගැනීම් සහ අතුරුදන් වීම් කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද හෙන්දාවිතාරණ මහතාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn