පිරිසිදු පානීය ජලය ඉල්ලු රතුපස්වල ප්‍රදේශවාසින්ට වෙඩි තබා තිදෙනෙකු මරා දැමීමේ සිද්ධියට අදලාව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු සිව්දෙනා ලබන 28 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර භාරයේම තැබීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා අද (14) නියෝග කර තිබේ.
පරික්ෂණ සාක්කිකරුවන්ට අපහාසයන් හා තර්ජනයක් වන අයුරින් ප්‍රවත් වාර්තා කළැයි අපරාධ වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරිමේ පනත යටතේ මාධ්‍යෙව්දීයකු අධිකරණයට ගෙන්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කර ඇත.
ඒ අනුව එම මාධ්‍යවේදියාට අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කර තිබේ.
2










