ව්‍යාජ අංක සහිත වාහනයක් භාවිතා කිරීම සහ අනවසරෙන් චැසි අංක වෙනස් කළ වාහනයක් භාවිතා කිරීම යන චෝදනා යටතේ කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාට සහ ඔහුගේ ලේකම්වරයෙකු වන එම්.ජී පාලිත නමැත්තාට ලබන ජූලි 19 අධිකරණයෙ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අද (14) මෙම නියෝගය කර ඇති අතර රාජ්‍ය ඇමතිවරයාට සහ ඔහුගේ ලේකම්වරයාට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් ගොනු කරන ලෙසද මහේස්ත්‍රාත් වරයා විසින් බොරැල්ල පොලීසියට නියෝග කර ඇත.
එම පැමිණිල්ල ලබන ජූලි 19 අධිකරණයෙ හමුවේ ගොනුකරන ලෙසත් නියෝග කර ඇත.
2009 වසරේදී ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ බොරැල්ල පොලීසිය විසින් එම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබුණු පැමිණිල්ල අද දිනයේ කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය කර තිබේ.









