ලක්ෂ්මන් යාපාගේ ප්‍රත්‍රයාට වරෙන්තු

ලක්ෂ්මන් යාපාගේ ප්‍රත්‍රයාට වරෙන්තු

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන මහතාව වහාම අත්අඩංගුවට ගන්නැයි කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (13) වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමෙන් අනතුරක් සිදු කර යතුරුපැදිකරුවෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වන නඩු විභාගයට පෙනී නොසිටීමේ චෝදනාව මත ය.

ඉකුත් 2016 වසරේ කුරුඳුවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබූ අතර ඔසඳ යාපා අබේවර්ධන මහතා පදවාගෙන ගිය රථය එහි දමා පලා ගොස් සිටි අතර එම රථය අමාත්‍යංශ රථයක් බව පසුව අනාවරණය වී බිනිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්