ගැසල් වෙන්චස් වහාම ඌව වෙල්ලස්සෙන් පිටවෙනු! දහස් ගණනක් විරෝධතාවයේ

ගැසල් වෙන්චස් වහාම ඌව වෙල්ලස්සෙන් පිටවෙනු! දහස් ගණනක් විරෝධතාවයේ

මෙරටට පැමිණ ඇති ගැසල් වෙන්චස් බහුජාතික සමාගමේ නියෝජිතයින් සහ නිලධාරීන්, දේශපාලඥයින් ඇතළු පිරිසක් අද (14) රිදීමාලියද්ද දෙහිගම ප්‍රදේශයේ උක් කර්මානාත්ශාලාව ඉදිකිරීමට නියමිත භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිතව ඇති අතර එයට විරෝධය දක්වමින් එම ප්‍රදේශයේ ජනතාව දෙහිගමදී ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ සමග එක්කව මේ වනවිට විරෝධතාවයක නිරතව සිටින බව වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික, ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා ඇතුළු දහසකට ආසන්න පිරිසක් ඒ සඳහා සහභාගී වී සිටින බවද වාර්තා වේ.

ගැසල් වෙන්චස් වහාම ඌව වෙල්ලස්සෙන් පිටවෙනු! ආදී සටන්පාඨ සහිත පුවරු ඔවුන් අතැතිව තිබේ.

එම සමාගමට ඉතා වටිනා ජ්‍යෛ විවිධත්වයක් ඇති එමෙන්ම පෞරානික වටිනාකම් ඇති අක්කර 62,000ක් ලබා දීමට ආණ්ඩුව සැලසුම් කර ඇති අතර භික්ෂූන් වහන්සේලා, පරිසරවේදීන්, ආදිවාසී නායකයින් ඇතුළු එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව එයට දැඩි විරෝධයක් එල්ල කර ඇත.

Facebook
Twitter
LinkedIn