හිටපු ඇමතිට, ඇමති ලේකම්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

හිටපු ඇමතිට, ඇමති ලේකම්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න හා ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් බාලමානගේ දයාවංශ යන අයට එරෙහිව අල්ලස් කොමිසම අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ ස්ථාපිත කර නොමැති සංවර්ධන සැලසුම් සම්බන්ධීකරණ නිලධාරී තනතුරට සිය පෞද්ගලික ලේකම්වරයා පත් කිරීමට අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පොළඹවීමට එවකට ඇමති ප්‍රියංකර ජයරත්න මහතා කටයුතු කර ඇති අතර එය අල්ලස් පනට අනුව වරදක් වන බැවින් ඔන්ට එරෙහිව මෙසේ අල්ලස චෝදනා යටතේ නඩු පවරා ඇත.

ප්‍රියංකර ජයරත්න මහතා වත්මන් ආණ්ඩුවේද රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුත කළ අතර පසුව ඉල්ලා අස්විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්