මුතුරාජවෙලට කුණු දැමීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට

මුතුරාජවෙලට කුණු දැමීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට

මුතුරාජවෙල පරිසර පද්ධතියට නීති විරෝධීව කසළ බැහැර කිරීමට එරෙහිව කොළඹ නාගරික කොමසාරිස් ඇතුළු 11කට මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සදාහරිත පරිසර හා සුබසාධක සංගමය අද (09) කටයුතු කළේ ය.

සදාහරිත පරිසර සංගමය වෙනුවෙන් එහි සභාපති බී.අයි. ආබ්ඩීන් මහතා සහ නීතීඥ තුෂාර රණතුංග මහතා ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර පුරවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම පාදක කොටගෙන මෙසේ පැමිණිලි කර ඇත.

කොළඹ නගරය තුළ දෛනිකව එකතු වන ටොන් 800ක් පමණ වන කසළ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්ගේ නියෝගයෙන් මුතුරාජවෙල පරිසර පද්ධතියට බැහැර කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් මීගමු පාර, වත්තල, මහබාගෙ, නාගොඩ හා කඳාන යන ප‍්‍රදේශවල අධික දුර්ගන්ධයක් හමා යන බවද බී.අයි.ආබ්ධීන් මහතා පවසයි.

Image may contain: 4 people, people standingImage may contain: 3 people

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්