සිමෙන්ති කම්හල අබලි යකඩ වලට විකිණූ හිටපු හමුදාපතිගෙන් ප්‍රශ්න කෙරේ

සිමෙන්ති කම්හල අබලි යකඩ වලට විකිණූ හිටපු හමුදාපතිගෙන් ප්‍රශ්න කෙරේ

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ රුපියල් කෝටි ගණන්  වටිනා යන්ත‍්‍ර සුත‍්‍ර අබලි යකඩ වශයෙන් කපා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතාගෙන් පැය පහක් පමණ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම පවසයි.

යුද්ධයෙන් පසුව මෙම කර්මාන්ත ශාලාව අවට  ඇති අබිලි යකඩ ඉවත් කිරීමට යැයි පවසමින් සිමෙන්ති සංස්ථාවට හා සිමෙන්ති  සමාගමට  නොදන්වා  යුද හමුදාව විසින් ටෙන්ඩර් කැඳවා  අබලි යකඩ වෙනුවට   මෙම වටිනා  යන්ත‍්‍ර සුත‍්‍ර කපා ඉවත් කර ඇති බවටත් ඉන් එම සමාගමට රුපියල් කෝටි ගණනින් අලාභ වී ඇති බවට කළ පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණ ආරම්භ කෙරිණ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්