ජාතික ලේ බැංකුවෙහි හිටපු අධ්‍යක්ෂවරියට වරෙන්තු

කල් ඉකුත් වූ රුධිර ප්ලාස්මා කට්ටල මෙරටට ගෙන්වා රෝගීන් අතර භාවිතා කිරීමට ඉඩ සැලසීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනාව මත ජාතික ලේ බැංකුවෙහි හිටපු අධ්‍යක්ෂවරිය වන මංගලිකා බිංදුසාර මහත්මිය  අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
ඇයට එරෙහිව පනවා තිබූ නඩුව අද(7) විභාගයට ගන්නා අවස්ථාවේ ඇය අධිකරණය වෙත ඉදිරිපත් නොසිටි අතර ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා  සැකකාරිය මේ වන විට ඔස්ට්‍රේලියාවේ අසනීපව ප්‍රතිකාර ලබන බව අධිකරණයට දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සැකකාරිය අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ අතර සැක කාරියගේ ඇප කරුවන්ට අගොස්තු 9දා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කලේය.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්