මුතුරාජවෙල පරිසර පද්ධතියට නීති විරෝධීව කසළ බැහැර කිරීමට එරෙහිව කොළඹ නාගරික කොමසාරිස් ඇතුළු 11කට මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සදාහරිත පරිසර හා සුබසාධක සංගමය තීරණය කර තිබේ. එළඹෙන සිකුරාදා දිනයේ දී මානව හිමිකම් කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට මෙම සංගමය බලාපොරොත්තු වන බව එහි සභාපති බී.අයි.ආබ්ඞීන් මහතා පවසයි.
කොළඹ නගරය තුළ දෛනිකව එකතු වන ටොන් 800ක් පමණ වන කසළ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්ගේ නියෝගයෙන් මුතුරාජවෙල පරිසර පද්ධතියට බැහැර කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් මීගමු පාර වත්තල, මහබාගෙ, නාගොඩ හා කඳාන යන ප‍්‍රදේශවල අධික දුර්ගන්ධයක් හමා යන බව ද වාර්තා වන බව එම සංගමය පවසයි.
2










